Showing posts with label නිදහස් සිතුවිලි. Show all posts
Showing posts with label නිදහස් සිතුවිලි. Show all posts
Friday, July 20, 2018
අක්කාගේ ආදරය
යොවුන් සිතුවිලි මැද
අතර මං වී සිටින
කටකාරකම් දොඩන
හැඩකාරයෙකි නිතර
නිරතුරුව පුද ලබන අම්මාගෙ ආදරය
සැම විටම නොලැබෙන තාත්තගේ අවසරය
අක්කලා දෙන්නාගේ අඩු නොවන හුරතලය
මේ සැවොම රජ කරන ඔහු එකම කොල්ලාය
තිදෙනාම එකතු වූ විට
රණ්ඩු සරුවල් නම් එමට
ඒ සෑම තැනකදිම
ඔහු ගන්නෙ පෙරමුණය
දගකාරකම් එමට
තිබුණාට නිරතුරුව
පුංචි දේකදි වුවද
ඔහු හඩයි මට වැඩිය
නිතර ඔවදන් දෙමින්
ඔහුට ඇණයක් වෙමින්
සිටින්නේ පසුපසින්
ඔහු නොමග යාවි යැයි බියෙන්
ආදරෙයි පණ තරම්
මල්ලියේ නුඹට මං
සදා නුඹෙ ජය පතන
නුඹේ ලොකු අක්කා මං
Wednesday, July 18, 2018
සිත ඇදි රුව
ජීවිතයේ කිසි දිනෙක
නැතිව බැරි රුවක් ඇත
මතක් වන හැම විටම
දිව යන්න හිතයි මට
හිත ඇදුනු රුව වෙතට
දෙපාරක් නොසිතාම
දුරක සිටියත් කවර
නොදැක බෑ මට ඉන්න
තිබෙන මුත් වැඩ බෝම
ඉන්න බෑ මට මෙහෙම
ආදරෙයි පණ තරම්
සම කරනු බැරි තරම්
සිත නිවන ඇති තරම්
අහිංසක රුව තරම්
රුවක් නෑ මට ඒ තරම්
හිදින්නට සිදු වුනොත්
නැතිව ඒ ආදරය
අදහ ගන්නට බැරිය
කුමක් කරමිද එවිට
දහසකුත් පැතුම් පොදි
හිස දරා දිවි ගෙවන
මා නමින් දුක විදින
රුව මගේ අම්මාය
_සනෝජා වනමලී_
Thursday, June 21, 2018
අහිමි ආදරය
ඉර අහස් කුසින් බැස යද්දි
සද කුමරුන් අහස් කුස සෙමින්
සෙමින් සිප ගත්තා
ඒ වගේමයි නුඹත්
පුංචි තාරකාවක් වෙලා
මගේ හදවත සිප ගත්ත අපූරුව
එක හැගුමෙන් වුව
සිත ගත හැකි බව
පසක් කළ නුඹ
ගින්දරට සිත දැවී ගිය වග
සිතන්නට අකමැති සිත
දිය දහර ළග තාමත් නැවතිලා
Tuesday, June 19, 2018
ජීවිතය
ජීවිතය
හැම මලක ම සුවද ඇතත් රේනු නැත....
රේනු තියෙන හැම මලක ම සුවද නැත......
පිච්ච මලේ රේනු නැතත් සුවද ඇත......
කලුවර ඇතත් හැම රැයක ම තරු ද නැත......
තරු තිබුණත් හැම තරුවක එළිය නැත.......
තරු හැඩ ඇති හැම තරුවක් තරුව නොව .....
තරු දිලුනත් හැම රැයක ම හිරු ද ඇත .......
අලුත් ඉරක් දකින්න නම් රැයක් ඇත .........
රැයක් පහන් කළ විට ඉර එළිය ඇත.......
Subscribe to:
Posts (Atom)
අන්තර්ජාලය
අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...
-
මානව සමාජය භූගෝලීය පරිසරය ජන සංඛ්‍යාව ලිංගික සහ ප්‍රජනන ක්‍රියාවලිය සන්නිවේදන ක්‍රියාවලිය යන සාධ...
-
බොහෝ දෙනා විශ්වාස කරන නොකරන මෙන් ම නොකරන නිමිති පුද්ගල චිත්ත අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය මත පදනම් ව පවතින සංකල්පයක් ලෙස හඳුන...
-
සුවහසක් පහන් කළ හැකි අපූරු කලා මාධ්‍යයක් ලෙස ගීතය හඳුනාගත හැකිය. සාහිත්‍ය ක්ෂේත්රයේ හමුවන ප්රබලකම අංගය ගීතය යැයි කිවහොත් ඔබ මා සම...



