ආසියාතිකයන් බටහිර රටවලට වඩා කාර්මීකරණය නොවූ මිත්‍රශීලී සුහද වාතාවරණයක් එකිනෙකා අතර ගොඩනඟා ගන්නා ජීවන රටාවක් උරුම වූ පිරිසක් ලෙස සලකති. නමුත් සමාජ සංවර්ධනයේ සීඝ්‍ර දියුණුවත් සමඟ මෙම මතය අභාවයට යමින් පවතියි. වර්තමානය වන වනවිට වසංගත නොවන රෝග නැතිනම් බෝ නොවන රෝග අතිශය වේගයෙන් වර්ධනය වන කලාපයක් ලෙස ආසියාව ක්‍රමයෙන් පත්වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑත කාලීනව සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව සංඛ්‍යාත්මකව බෝ නොවන රෝග වලට ජනතාව ලක්වීමේ අවදානම ඉහළ මට්ටමක් කරා යොමුවී ඇති බව ප්‍රකාශ කරයි .
හෘදයාබාධ, දියවැඩියාව, වකුගඩු රෝගය, නිදන්ගත පෙනහළු රෝග, නිදන්ගත අක්මා රෝග, පිළිකා තත්ත්වය, මානසික රෝග යන බෝ නොවන රෝග තත්ත්වයන් ලොව පුරා වෙසෙන ජනගහනයෙන් මිලියන 44 ක ජනතාවට ඉදිරි වසර 10 ක කාලය තුළ දී මරණය ගෙන දෙන බව සහ ඒ අතරින් මිලියන 10.4 ක් වූ පිරිසක් දකුණු සහ නැගෙනහිර ආසියාවේ ජනතාව වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
සාම්ප්‍රදායිකව මැලේරියාව, පාචනය පෝලියෝ ,පැපොල, සරම්ප, ජර්මන් සරම්ප (රුබෙල්ලා) සහ වෙනත් බෝ නොවන රෝග දියුණුවන රටවල මහජන සෞඛ්‍යයට අහිතකර ප්‍රශ්න ඇති කරන්නක් සේ හඳුනාගෙන ඇත. එය එම රටවල බොහෝ මරණ වලට සහ පීඩාවන්ට හේතුවන්නක් සේ සලකනු ලබයි. නමුත් වර්ධනාත්මක ප්‍රගතිය කාලයත් සමග ම ප්‍රගමනය වීම සහ ප්‍රජාවෙහි දැනුවත්භාවය නිසාවෙන් මෙම ආසාදිත රෝග පාලනය ක්‍රමිකව සිදු වීම සහ ඒ ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද අඩුවී ඇත. ඒ හා සමඟම සාම්ප්‍රදායික ජීවන රටාවෙන් ඈත්ව දැවැන්ත කාර්මීකරණයට ඉඩ ලබා දීම නිසාවෙන් වසංගත රෝග නොවන රෝග පැතිරීයාම ප්‍රභල ලෙස ප්‍රජාවගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කර ඇත.
මෙම වසංගත නොවන රෝග සම්පූර්ණයෙන් ප්‍රජාවගෙන් බැහැර වී තිබුණා නො වෙයි .එනම් මීට දශක කිහිපයකට පෙර වුව ද හෘදයාබාධය, ආඝාතය, දියවැඩියාව, කොලස්ට්‍රෝල් හා වෙනත් බොහෝ රෝග තිබුණද එය ප්‍රජාවට සමීපව සියල්ලන්ම පීඩා විඳින මට්ටමට ළඟා වී නොතිබිණි .බොහෝ විට අතීතයෙ දී වයසත් සමඟ බලපෑම් කළ බෝ නොවන රෝග අද වන වන විට මැදිවිය ඉක්මවා තරුණ පුද්ගලයින්ට ද ඉන් නොනැවතී කුඩා දරුවන් ද ග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත.
මෙලෙස බෝ නොවන රෝග බෝනොවන රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යාමට වත්මන් ජීවන රටාවේ ක්‍රියාකාරීත්වය සෘජුව බලපායි. නාගරීකරණය, කාර්මීකකරණය, තාක්ෂණය සමග මුසු වූ වත්මන් ජීවන රටාව තුළ මිනිසා ඉතා කාර්යබහුල දින චර්යාවක් ගත කරයි එමෙන්ම සමාජ ගතිකත්වයන් හමුවේ පුද්ගල මානසිකත්වය, අවශ්‍යතා, චර්යා විධි ප්‍රබල වෙනසකට භාජනය වී ඇත. ඒ අතර දුම්පානය, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, සෞඛ්‍යයට අහිතකර ආහාර පාන භාවිතය, ව්‍යායාම නොමැති වීම දැඩි අවදානම් සාධකයන් වේ. එසේම ආතතිය හා මුසු සෞඛ්‍යයට අහිතකර ජීවන රටාව නාගරීකරණයට යොමු වීම, සම්ප්‍රදායික ජීවන රටාවේ සිට අලස පැවැත්මකට යොමුවීම මෙලෙස බෝ නොවන රෝග සුලබ වීමට දායක වී ඇත.
වර්තමානයේ පුද්ගලයාගේ දෛනික දින චර්යාව තුළ පෝෂණීය ආහාර වේලකට වඩා රසවත් ආහාර වේලකට යොමු වීම සුලභ කරුණක් ලෙස හඳුනාගත හැකිය. කාර්ය බහුලත්වය නිසා ආපන ශාලා මගින් ආහාර සපයා ගැනීමට හුරු වීම හා මාධ්‍ය මගින් හඳුන්වාදෙන කෘතිම හා ක්ෂණික ආහාර වලට ඇබ්බැහි වීම වැනි හේතු නිසා වර්තමානයේ මිනිසුන්ගේ ආහාර පරිභෝජන රටා සම්පූර්ණයෙන් උඩු යටිකුරු වී ඇත. මේ නිසා අහිතකර ලෙස සිරුරට මේදය,කෘතිම රසකාරක, සීනි, පිෂ්ඨය එක් වේ. මේවා මගින් අධි රුධිර පීඩනයේ සිට පිලිකා වැනි ඉතා භයානක තත්ත්වයෙන් යුතු බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ දමයි.
සෞඛ්‍යයට හිතකර ආහාර රටාවක් පවත්වාගෙන යාම බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීමට ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වේ. සෞඛ්‍යයට හිතකර ආහාර රටාව යන්න පෝෂණය මුල් කර ගත්තක් නොවේ එය සමබල ආහාර වේලක් කිවහොත් නිවැරැදි ය. මීට අමතරව මත්ද්‍රව්‍යයෙන් වැළකී සිටීම, දිනපතා ප්‍රමාණවත් කායික ව්‍යායාමවල නිරතවීමෙන්, මානසික සන්සුන් බව ඇති කර ගැනීමෙන් හා පිරිසිදු පරිසරයක ජීවත්වීමෙන් රෝගී නිරෝගී සැමට ශරීරයේ ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලියට සහය වීමට හැකියාව ලැබෙනු ඇත.
_S.W බටගල්ල _
important article
ReplyDeletecarry on
ReplyDelete