සංස්කෘතියේ ඇදහිලි සහ විශ්වාස අනුව අපේ රට තුළ විවිධ උත්සව පැවැත්වෙයි උත්සව පිළිබඳ විමර්ශනය කිරීමේදී විවිධ ජන කොටස් තම පරපුරේ ප්‍රවේණිගත උරුම පදනම් කොට ගනිමින් නොකඩවා පවත්වාගෙන යනු ලබන චාරිත්‍ර දැකගත හැකිය. මහියංගණය සුමන සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන වැදි පෙරහැර (පුලුන් පෙරහැර) සහ දොඩම් පෙරහර එවන් ප්‍රවේණිගත උරුම සම්ප්‍රදායන් කේන්ද්‍ර කොටගත් සංස්කෘතික මංගල්ලයකි.
බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කල මොහොතේ එම ප්‍රදේශය නිජබිම කොට ජීවත් වූයේ යක්ෂ ගෝත්‍රික සම්භවයක් දරන වැදි ජනතාවයි. මෙම ප්‍රදේශය පාලනය කරන ලද්දේ සුමන නම් නායකයා විසිනි. සුමන සමන් දිව්‍ය රාජයා ලෙස පසු කලෙක ප්‍රකට වූයේ මෙම පාලකයා බව ජනප්‍රවාදයේ කියැවෙයි. එදවස බුදුන් වහන්සේ ( බුද්ධිලැත්තෝ ) මහියංගනයට වැඩම කළ මොහොතේ මේ වෙනස්ම රූපකාය හිමි තැනැත්තා දුටු වැදි ජනතාව කලබලයට පත් වූහ.මොහු මෙතැනට පැමිණ ඇත්තේ තමන්ගේ ඉඩකඩම් ලබා ගැනීමට යැයි සිතූ ආදිවාසීහු මේ පිළිබඳ සුමනට පැමිණිලි කළෝය. සුමන කී දේ බුදුන් වහන්සේ ගණනකට නොගත් නිසා සුමන හා පියසෝම යන ආදිවාසීහු බුදුරජාණන් වහන්සේ බියවද්දා පන්නා දැමීමට තීරණය කළහ. ඒ අනුව මී පැණි ඇඟ ගල්වා ඒ මත පුළුල් අලවා වෙනස්ම ස්වරූපයක් මවා ගත් වැද්දෝ කෙසෙල් පඬරැල් , ඉලුක් වැනි දෑ ඇඟලා ගනිමින් තම ස්වරූපය වෙනස් කරගත්හ. දර රිටි ද අතින් ගත් ආදිවාසීහු හඬ නගමින් බුදුරජාණන් වහන්සේ අභියසට පැමිණ ඇත. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ යනු කවුරුන්ද තේරුම් ගත් ඔවුහු මහවැලි ගඟෙහි ගිලී පුලුන් සෝදා ගනිමින් සුමන දෙවියන්ගෙන් සමාව ගත් පුවත මෙම පෙරහැරෙහි නිරූපණය වෙයි.

ආදිවාසී නායකයා ගේ මූලිකත්වයෙන් සහ මගපෙන්වීමෙන් රඟ දැක්වෙන මෙම පෙරහැර සමන් දේවාලයෙහි මහා පෙරහැර නිමා වී පැය කිහිපයක් ගිය තැන ඇරැඹේ. දේවාල බිමෙහි සහ වෙහෙර මළුවේ හූ හඬ නගමින් දුවයන ආදිවාසී ජනතාව පෙරහැර අරඹති. පෙරහැර අවසානයේ සමන් දේව මාලිගාවෙහි තේවාවට සහභාගි වන වැදි ජනතාව දිය කැපීමේ මංගල්ලයට පසුව දොඩම් පෙරහැර අරඹති.
විජය රජතුමාගේ දිවි දොස් නිවාරණයට දොඩම් යොදා ගැනීම සංකේතවත් කරමින් පවත්වනු ලැබූ දොඩම් පෙරහර පැවැත්වීම මඟින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය හා බව බෝගවල සශ්‍රීකත්වය වැඩීමට හේතු කාරණා වන බව ආදිවාසීහු අදහති. එමෙන්ම දොඩම් උඩ දමමින් පෙරහැරේ පැමිණෙන වැදි ජනතාවගෙන් දොඩම් යුෂ හෝ දොඩම් ගෙඩි ලබා ගැනීමට ප්‍රදේශවාසීහු පොර බදති. අතීතයේ ජනප්‍රවාදය නාට්‍ය අනුරූපීව චිත්‍රණය කරනු ලබන වැදි පෙරහර හා දොඩම් පෙරහර ලංකාවේ සංස්කෘතික උත්සව හා සබැඳි අප්‍රකට පරම්පරාගත උත්සවයකි. එමෙන්ම වෙනස්ම ආකාරයේ සංස්කෘතික මංගල්‍යයකි.
Wahinawaa sano
ReplyDelete