Like to Travle

Saturday, June 9, 2018

තාක්ෂණික ඇබ්බැහි වීම සහ ෆේස්බුක්




 නූතන  තාරුණ්‍යයේ තාක්ෂණික ඇබ්බැහි වීම තුළ ඇතුවත් බැරි නැතුවත් බැරි අංගයක් ලෙස ෆේස්බුක් හඳුනා ගත හැකිය සීමා මායිම් වැට කඩුලු බැමි නොමැති සමාජ වෙබ් අඩවි භාවිතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. වර්තමාන සමාජ ක්‍රමය තුළ සාම්ප්‍රදායික ජන මාධ්‍යයන් අභිබවා ලෝකයේ  විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛස්ථානය හොබවන මුහුණු පොත ලෝකයට බිහි වන්නේ 2014 වර්ෂයේ පෙබරවාරි 4 වෙනි දිනයි .ඒ  ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් මුල් කරගනිමින් මාර්ක් ස්කර්බර්ග් ඔහු ඇතුළු සිය මිතුරන්ගේ තොරතුරු ඔවුනොවුන් අතරේ හුවමාරු කර ගැනීමට නිර්මාණය කළ මෘදුකාංගය මූලික කරගෙනය.

ලෝකයේ දිනකට දිනකට බිලියන 1.32 ක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට ඉතා  ප්‍රබල ලෙස බලපෑම් කරන බව  හඳුනාගත හැකි ය. ආසියාතික facebook කළමණාකාරීත්වය හා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභා දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ   ලක්ෂ 64 ක ජනතාවක් ලියාපදිංචි facebook ගිණුම් පවත්වාගෙන යයි.

 නව මාධ්‍ය යන්න  නූතන සමාජ ක්‍රමය තුළ විවේචනයට  ලක් වන්නේ එමගින්  සමාජ යහපතට වඩා සමාජ විෂමාචාර ක්‍රියා වලට පුද්ගලයා පෙළඹීමට ඇති සම්භාවීතාව ඉහළ වීම නිසාවෙනි. අයහපත් ක්‍රියාවන්ගෙන් තොරව ඉතා නිර්මාණශීලීව සහ ප්‍රයෝජනවත් ආකාරයෙන් කාර්යක්ෂමව සන්නිවේදන අවශ්‍යතා ඉටුකර ගැනීමට නව මාධ්‍ය සතු ශක්‍යතා සාම්ප්‍රදායික  මාධ්‍යයට වඩා ඉතා ඉහළ බව මෙහිදී  කිව යුතු මනාය.

එමෙන් ම  මුහුණු  පොත  මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය කිරීමෙහි ලා  ප්‍රධාන මෙවලමක් වශයෙන් ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වශයෙන් හඳුනාගත හැකිය.ලෝකයේ තොරතුරු හුවමාරු ව්‍යාපාරයේ මිලියන 17900 කට අධ්ක ආදායමක් ලබන මෙම මාධ්‍යය තුළ ප්‍රවෘත්ති, ඡායාරූප, වීඩියෝ දර්ශන, විශේෂාංග ලිපි, පෝස්ටර්, බැනර් , ආරාධනා පත්‍ර දැන්වීම්, ප්‍රචාරකපට, අලෙවිකරණ  උපක්‍රම   (E Marketing and Advertising ) යන සියල්ල ඇතුලත් වේ .

නූතන සමාජ ක්‍රමය තුළ ෆේස්බුක් සමාජ ජාල  වෙබ් අඩවි සන්නිවේදනයේ ප්‍රධාන අරමුණ වන තොරතුරු ලබා දීමේ කාර්යයේ දී ප්‍රබල ජනමාධ්‍ය ආයතන වලට හා ජන මාධ්‍ය ජාල වලට අභියෝග කරමින් Breaking news වලට වඩා ක්ෂණිකව තොරතුරු හුවමාරු කර ගන්නා මාධ්‍යයක් බවට පත් වී හමාරය. එමෙන්ම ආපදා කළමණාකරණය වැනි අවදානම් සහිත අවස්ථාවල ජනමාධ්‍ය අභිබවා මෙය යොදා ගත් අවස්ථා අපට දැකිය හැකිය. සමාජ සන්නිවේදනයේ දී සුභසාධන  වැඩසටහන්, අසරණ සරණ ව්‍යාපෘති, අධ්‍යාපන වැඩසටහන් ආදී ජනතාවගේ සාරධර්ම ප්‍රචලිත කිරීමේ දී බහුලව භාවිත කළ හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ෆේස්බුක් භාවිත  වේ. පුද්ගල නිදහස හා මනෝ මනෝවිද්‍යාත්මක චර්යා  ආකල්ප ප්‍රවර්ධනයකරමින් සමාන අදහස් ඇති පුද්ගලයින් අතර මිත්‍රත්වය සහ සහජීවනය ගොඩනැගීමේ මාවතක් ලෙස ද ෆේස්බුක් භාවිත වේ. එමෙන් ම මෙය වැළලී ගිය අතීත ය තුළ මිනිස් සබඳතා සොයා යෑමේ සුන්දර චාරිකාවක් ලෙස ද භාවිතා කළ හැකිය.


 කෙතරම් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්  වුව ද වර්තමානයේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ෆේස්බුක් භාවිතය පිළිබඳ විකෘති තත්වයක් මතු වී තිබෙන බව අමතක නොකළ යුතු ය . මුහුණු පොතේ  ක්‍රියාකාරීත්වය එය භාවිත කරන්නන් ගේ හැසිරීම අනුව කළු හෝ සුදු හෝ විය හැකි ය. කෙසේ වෙතත් අද වන විට නිවැරදි සන්නිවේදන කාර්‍යයන්ට  වඩා සමාජ විෂමාචාර ක්‍රියා සදහා භාවිත වන්නක් බවට පත්ව තිබීම ඉතා සෝචනීය කරුණකි. මෙය අවභාවිතයට ගන්නා පුද්ගලයින් විසින් සමාජයේ ඇතැම් පුද්ගලයින්ගේ  කීර්ති නාමයට හා පෞරුෂයට හානි කරනවා පමණක් නොව පුද්ගල  ජීවිතයේ පවුල් සංස්ථාව තුළ පවතින ආචාර ධර්ම , සිරිත් විරිත් හා ආකල්පවලට ද බලපෑම් සිදු කරයි.


 මෙම සමාජ වෙබ් අඩවිය හරහා සිදුවන විකාර රූපී සන්නිවේදන මූලයන් වන අසභ්‍ය ඡායාරූප, අසත්‍ය චෝදනා, සමාජ ඕපාදූප, පුද්ගලික පලිගැනීම් හා වෙනත් සමාජ විරෝධී ක්‍රියා  විවේචන සදහා බහුලව භාවිත කරන බව සමාජ විද්‍යාත්මක පර්‍යේෂණවලින් හදුනාගෙන ඇත. මේ පිළිබඳ අදහස් දක්වන සමාජ විද්‍යා පර්‍යේෂකයින්ගේ මතය වන්නේ අතීතයේ දී අවිධිමත් සන්නිවේදනයේ දී පුද්ගල කීර්ති නාමයට එරෙහිව භාවිත කළ කැලෑ පත්තර කලාවට සමාන ප්‍රවණතාවක් Facebook අන්තර්ගතය තුළ මේ වන විට සන්නිවේදනය වන බවයි.



පොලිස් වාර්තා පෙන්වා දෙන ආකාරයට මුහුණු පොත ඔස්සේ නීතිමය වශයෙන් ගැටලු රාශියක් මතුව ඇත.විශේෂයෙන් අසභ්‍ය චායාරූප මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කිරීම, තම පෙම්වතියගේ හෝ පෙම්වතියගේ කීර්ති නාමයට හානිවන ලෙස පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීම,පවුලේ තොරතුරු ප්‍රසිද්ධියට පත්වීම නිසා පවුල් සංස්ථාවන්ට කෙරෙන බලපෑම,ලිංගික සබඳතා හා අනියම් සබඳතා වෙනුවෙන් මතුවන ගැටුම් හා නීතිමය ප්‍රශ්න ලාංකික ජන සමාජයේ facebook භාවිත කරන්නන් අතර වාර්තා වී ඇත. ඉන් පැමිණිලි 2900 ක් පමණ මේ වන විටත් හදුනාගෙන ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙහි අතුරු ප්‍රතිඵලවල අයුතු බලපෑම පිළිබඳ සලකා බලමින් ලෝකයේ ඇතැම් රටවල් facebook භාවිතය පිළිබඳ තහංචි පනවා ඇත. චීනය සහ ඉන්දියාව  තම රටවල ආරක්ෂිත තොරතුරු අන්ත්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා හුවමාරුවීම තුලින් සිය ආරක්ෂාවට බලපෑම්  එල්ලවිය හැකි බැවින් ෆේස්බුක් භාවිතය පිළිබඳ යම් යම් නීති පනවා ඇත. මීට මාස කිහිපයකට ඉහත දී  ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් උද්ගත විය. නමුත් එය ජාතීන් දෙකක් අතර ඇති වූ ගැටුමක් මූලික කරගෙන සිදුකළ සතියක facebook වාරණයකි. මෙලෙස හොද දේට වඩා නරක දේ කෙරෙහි දැඩි නැඹුරුවක් පෙන්වීම ඇබ්බැහි වීම පිළිබඳ ගැටලුවක් ලෙස දැකිය හැක.තවදුරටත් එය එසේ සිදුවීමට ඉඩහැර බලා සිටියහොත් සිදුවන්නේ ඉදිරියේ දී මෙය සමාජ විද්‍යාත්මක වශයෙන් බරපතල ගැටලුවක් බවට පත්වීමයි. එසේ නම් එය පාලනය කිරීමට සමාජ දැනුවත්භාවය සේම ඒ සදහා වෙන් වූ නීති පද්ධතියක අවශ්‍යතාවය ද පැන නැගී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

10 comments:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...