Like to Travle

Friday, June 22, 2018

දේශපාලන සන්නිවේදනය








 ”දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක‍්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යි”   (-ඩැෆී-)

ඉහත දැක්වෙන නිර්වචනය මගින් ධ්වනිත වන්නේ දේශපාලනය හා සන්නිවේදනය යන්න එකිනෙක අවියෝජනීය ව බැදී පවතින ක‍්‍රියා පද්ධතීන් දෙකක් බව යි. බහු විෂයික වටිනාකමකින් පරිපූර්ණව පවතින සන්නිවේදන ක‍්‍රියාවලිය තුළින් දේශපාලනය ද විනිවිද දැකිය හැකි ය. මන්ද යත් දේශපාලන ක‍්‍රියාවලියෙහි සාර්ථකත්වය උදෙසා මෙම සන්නිවේදනය නොමසුරු දායකත්වයක් සපයන බැවිනි. ඒ අනුව දේශපාලන සන්නිවේදනය යන අරුත පැහැදිලි කිරීම ට උත්සහ දරන

මහාචාර්ය ”සිවතම්බි සෝලාපුල්” සදහන් කරන්නේ

සීමිත අරුතකින් ගත්කල දේශපාලන සන්නිවේදනය යනු රාජ්‍ය කටයුතු පිළිබද තොරතුරු අදහස් හා ආකල්ප පතළ කිරීම සදහා පිහිටුවා ඇති ආයතනවල (මාධ්‍ය ආයතන) කිසියම් දේශපාලන ස්ථාවරයක් උදෙසා ග‍්‍රාහකයා තුළ බලපෑමක් ඇති කරන සියලූ ම සන්නිවේදන ක‍්‍රියාදාමයන් දේශපාලන සන්නිවේදන විෂය ක්ෂේත‍්‍රය ට අයත්වන බව පැහැදිලි ය”

 යනුවෙනි.

සන්නිවේදනය, දේශපාලනය සමග ක‍්‍රියාත්මක වීම නිසා දේශපාලන සන්නිවේදනය යන්න විෂයක් ලෙස වර්ධනය වූවා යැයි සැලකෙන්නේ පළමු ලෝක යුද්ධයත් සමග ය. එනම් 20 වන සියවසේ මුල් දශකය තුළ ය. පළමු ලෝක යුද්ධයේ දී සන්නිවේදනය හා දේශපාලනය ක‍්‍රියාත්මක වූ ආකාරය අනුව දේශපාලන සන්නිවේදනය යන්න බිහිවුණු බව සලකනු ලබය. හැරල්ඞ් ඞී ලැස්වෙල් දක්වා ඇති අදහස් තුළින් ද මේ බව පැහැදිලි වේ. ඒ අනුව දේශපාලන සන්නිවේදනය පිළිබද ව අදහස් දැක් වූ මුල් ම පුද්ගලයා ලෙස ද මොහුගේ අදහස් සලකනු ලබයි.

 දේශපාලන සන්නිවේදනය යන්න දළ අර්ථය කුමක්දැයි විමසා බැලීමේ දී සාකච්ඡ වන කණ්ඩායම් කිහිපයක් පිළිබද ව ද අවධානය යොමු කෙරේ. එම කණ්ඩායම් වනුයේ කිසියම් ආකාරයක ට පරිහරණය කරනු ලබන සන්නිවේදන ක‍්‍රමවේදයන් සහ යම් යම් පාර්ශවකරුවන් වේ. එනම්,


  • ·         දේශපාලන පක්ෂ


  • ·         රජය


  • ·         ඇමතිවරු


  • ·         කැබිනට් මණ්ඩලය


  • ·         න්ද අපේක්ෂකයන්


  • ·         න්ද දායකයින්


  • ·         මාධ්                                           



වැනි කණ්ඩායම් ය.

ඉහත දැක්වෙන පාර්ශවකරුවන් කිසියම් ආකාරයකට මූලික ලෙස භාවිතා කරනු ලබන සන්නිවේදන විධි ක‍්‍රම දේශපාලන සන්නිවේදනය යන්න පොදුවේ නිර්වචනය කළ හැකි ය. රජයක් පවත්වාගෙන යාමේ දී දේශපාලන පක්ෂ, දේශපාලඥයින්, ඇමතිවරු යන කණ්ඩායම් විසින් භාවිතා කරන සන්නිවේදන ක‍්‍රමෝපායන් දේශපාලන සන්නිවේදනය යන්න අර්ථකතනය කළ හැකි ය. එබැවින් යට කියන ලද සියලූ ම අරුත් ගැන්වීම් තුළින් දේශපාලන සන්නිවේදනය යන්න කුමක්ද හා එය කුමන ආකාරයක් දැයි හා ඒ හා සම්බන්ධ ක‍්‍රියාකාරකම් මොනවා දැයි හා එහි ආරම්භය කෙබදු දැයි මෙපරිදි දැක්විය හැකි ය.
මැතිවරණ අපේක්ෂකයා කවරෙකු වුවද, ඔහු සිය ප‍්‍රතිපත්ති යෝජනා, සහන, පොරොන්දු ආදිය ඡන්ද දායකයා වෙත ලබා දීමට මැතිවරණ ප‍්‍රචාරණය පාවිච්චි කරයි. ඒ සඳහා



  •  ජනමාධ්යය


  •  මහජන සම්බන්ධතාව


  •   දේශපාලන රතිරූපය කළමණාකරණය  ආදිය භාවිත කිරීම කැපී පෙනෙන ලක්ෂණ වේ.


  • තේමා පාඨ භාවිතා කිරීම



වර්තමාන සමාජය තුළ මැතිවරණ ප‍්‍රචාරණය සඳහා භාවිත කරන ප‍්‍රභල අංගයක් වන්නේ ජනමාධ්‍යය යි. එහි දී නූතන හා නව මාධ්‍ය බහුල ලෙස යොදා ගන්නා බවක් දක්නට ලැබේ.


  •  දැන්වීම්


  • පෝස්ටර්


  •  අත් පතරිකා
  •   ප‍්‍රචාරක පුවරු


  •  පුවත් පත
  • ගුවන් විදුලිය
  •  රූපවාහිනිය
  •  අන්තර්ජාලය
  • සමාජජාලමාධ්

ප‍්‍රචාරණයේ දී සමාජය විවිධ කාණ්ඩ වශයෙන් බෙදාගෙන සිදු කරයි.උදාහරණ ලෙස ගැබිනි මවුවරුනට පෝෂණ මල්ලකි. ගෘහිණියනට ගෑස් උදුනකි. අවිවාහකයන විවාහ වීම සඳහා රුපියල් ලක්ෂ දෙකක දිළින්දන්ට, සුළු ජාතිකයන්ව්ට, ත‍්‍රිවිල් රියැදුරන්ට ආදී මේ සියලූ කාණ්ඩවලට සරිලන ලෙස දීමනා ලබා දීම සිදු කරයි. එමෙන් ම නිවෙස් වෙත ගොස් දැනුවත් කිරීම්, මහජන රැස්වීම් ජනහමු, සංගීත සංදර්ශන සියල්ල මහජන සම්බන්ධතා උපක‍්‍රම ලෙස භාවිතයට ගන්නා අතර එය සෘජුව ම දේශපාලන ප‍්‍රචාරණට අයත් වේ.
දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප‍්‍රචාරණය සඳහා ඡුන්ද දායකට පිරිනමන දේ, පක්ෂ නායකත්වය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පක්ෂ සාමාජිකත්වය, පක්ෂ සලකුණු සම්මේලන මහජන රැස්වීම් සහ ප‍්‍රචාරක ජනහමු සංවිධානය කරන බව ලීෂ් මාෂ්මන්ට් නම් ලේඛකයා ද පවසයි.

තේමා පාඨ තේරීම

ඔබාමා CHANGE” නම් තේමාව ඉදිරිපත් කළාක් මෙන් ම, ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ද  ධර්මිෂ්ට සමාජයක්, සැබෑ වෙනසක්, “ආදී සංකල්ප මැතිවරණ සමය තුළ හඳුන්වා දුන් අතර මෑත කාලයේ  මහින්ද චින්තනය, යහපාලනය ආදී ලෙස ද තේමා පාඨ නිර්මාණය වීම දක්නට ලැබුණි . මේ සංකල්ප ද දේශපාලන ප‍්‍රචාරණයේ උපාංගයෝ ය.

රූපවාහිනි වැඩසටහන්

දේශපාලන මැතිවරණයේදී විවිධ ප‍්‍රචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට දේශපාලඥයා උත්සාහ දරයි. ඒ සඳහා දේශපාලන වැඩසටහන් වන විවාද හා සම්මුඛ සාකච්ඡා පවත්වා ඡන්ද දායකයා තම පක්ෂයේ,තමාගේ ජයග‍්‍රහණය කෙරෙහි පොලඹවා ගනියි. එමෙන් ම රූපවාාහිනිය තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රවෘත්ති මාධ්‍ය මඟින් ද, මුදල් ගෙවා ප‍්‍රචාරය කර ගන්නා දැන්වීම්,ගීත හා ඡායාරූප මඟින් ද ඡන්ද අපේක්ෂකයින් සිය ප‍්‍රචාරණ කටයුතු සිදුකරනු ලබයි.

ගුවන් විදුලිය හා පුවත්පත හරහා ද විශාල වශයෙන් මැතිවරණ ප‍්‍රචාරණය සිදු කරනු ලබයි. ඒ සඳහා විවිධ වෙළඳ දැන්වීම් භාවිත කිරීම සුලභව දක්නට ලැබෙන්නකි.

නව මාධ්‍යයේ ආගමනයත් සමඟ සියලූ සන්නිවේදන ක‍්‍රමෝපායන් දියුණු හා කාර්යක්ෂම අයුරින් ඉටුවන බවක් දැකගත හැකිය. මේ වන විට නව මාධ්‍ය දේශපාලන සන්නිවේදනයේ කොටස්කරුවෙකු බවට පත්ව තිබේ. එමෙන් ම දේශපාලන සන්නිවේදනයේ අනාගතය පවතින්නනේ නව මාධ්‍ය සමඟය යනුවෙන් මතයක් ද පවති.                                                                       
  •   Internet
  •  www.                                                 
  •   Social Media
  •   Blog
  •   Mobile phones

ආදිය නව මාධ්‍ය යටතට ගැනිය හැක. නව මාධ්‍ය තුළින් ප‍්‍රතිරූප කළමණාකරනයක් ද සිදු වේ. නව මාධ්‍ය සිය මැතිවරණ ප‍්‍රචාරණයන් සඳහා භාවිතයට ගත් දේශපාලඥයින් අතර ඇමරිකානු හිටපු ජනාධිපති "බැරැක් ඔබාමා" සහ ඉන්දීය අගමැති "නරේන්ද්‍ර මෝධි" කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ද  2004 - 2015 දක්වා පැවති මැතිවරණ ක‍්‍රියාවලිය තුළ නව මාධ්‍ය ප‍්‍රභලව භාවිතයට ගැනීමක් දැකගත හැකිය. එහිදී දේශපාලන පක්‍ෂ හා දේශපාලඥයින් වෙන වෙනම සමාජ ජාල වෙබ් අඩවි පවත්වාගෙන ගිය ආකාරයක් දක්නට ලැබුණි.  



5 comments:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...