බොහෝ දෙනා විශ්වාස කරන නොකරන මෙන් ම නොකරන නිමිති පුද්ගල චිත්ත අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය මත පදනම් ව පවතින සංකල්පයක් ලෙස හඳුනාගත හැකිය. ආරම්භය නිශ්චිතව නිගමනය කළ නොහැකි මෙය නූතන සමාජ ක්‍රමය තුළ ද අර්ථ හා පරිසර කිහිපයක භාවිත වන අභිචාරාත්මක වචනයකි. නමුත් නිමිති යන්න අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි අඛණ්ඩ පැවැත්මක් සහිතව ගුප්ත විද්‍යාත්මක අර්ථයෙන් භාවිත වූ බවට සාක්ෂි බුද්ධ චරිතය තුළින් අපට හමුවේ.
ජෝතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව නිමිති යන්න විවිධ ගුප්ත විද්‍යා ක්‍රම ඔස්සේ පැහැදිලි කරයි.ලිඛිත වහර පදනම් කොටගෙන ආචාර්ය පරම්පරා වෙතින් පුද්ගලයන් අතර පමණක් පවත්නා යථෝක්ත නිමිති ක්‍රමයන්ට ජනවහරේ හිමි වන්නේ හිමි වන්නේ සීමිත ඉඩකඩකි. ජනවහරේ පවතින නිමිති යන්න මීට වඩා වෙනස් මඟක් ගනියි. කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැති ජන වහරේ පවත්නා නිමිති පාරම්පරික උරුමයක් ලෙසින් ක්‍රියාත්මක වන්නා වූ මිථ්‍යා මත පදනම් කොට ගත්තකි. නිමිති යන වචනයට වඩා ආදා බාධා යනුවෙන් ගැමි ජනයා විසින් මෙය හදුන්වයි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ යම්කිසි විශේෂ සිදුවීමක් අහඹු ලෙස හෙවත් ආකස්මිකව සිදු වුණ දෙයක් වීමත්, එය ඒ හා සම්බන්ධ වූ දෙයක් වීමත්, ඒ මත රඳා පවතින දෙයක් වීමත් ය.
දුරාතීතයේ පටන් පැවත එන ආදා බාධා යනුවෙන් හැඳින්වෙන නිමිති ක්‍රමය ස්වභාවික ලෝකය තුළින් පහළ කරගන්නා වූ භාවී කථනයන්ය. ස්වභාවික ලෝකයේ සිදුවන ක්ෂණික විපර්යාස පිළිබඳව මිනිසාට ප්‍රථම තිරිසන් සතුන් වටහා ගනියි. ග්‍රාමීය ජනයා මෙම සත්ත්ව හැසිරිම් වටහා ගැනීමේ තීක්ෂණ ඥානයකින් හෙබි වේ. ඒ මන්දයත් ඔවුන් ද පරිසරය සමඟ බැදී ජීවත් වන නිසාවෙනි. ග්‍රාමීය ගැමියාගේ දෛනික ජීවිතයේදී කොතෙකුත් මෙබඳු නිමිති මගින් අනාගතයේ විය හැකි දේ පිළිබඳ නිගමන කරා එළඹෙනු දක්නට ලැබේ .මේවා ස්වභාවික දේ පිළිබඳව පාරම්පරිකව පැවත එන විශ්වාසය හා පුරුදු ලෙස හැඳින්විය හැකිය. එය පෙරනිමිති(OMEN) නමින් ද හඳුන්වනු ලබන අතර හොඳ නරක කිසිවක් සිදුවීමට පෙර සළකුණු, සංඥා මගින් එය පෙන්නුම් කිරීම මෙහි මූලික ලක්ෂණය වේ.
මේ ආකාරයට සම්ප්‍රදායන් දෙකක් අනුව හැදී වැඩුණු නිමිති වර්ග දෙකක් ලාංකේය ජනතාවට උරුම වී තිබේ. එනම් ලේඛන සම්ප්‍රදාය හා ව්‍යවහාර සම්ප්‍රදායයි. ලේඛන සම්ප්‍රදායට අයත් නිමිතිවලින් පලාපල දැනගැනීමට හැකිවන්නේ ඒ සඳහා දැනුමැති පුද්ගලයෙකු මාර්ගයෙන් පමණි. ඔහු නෙයිමිත්තික යන නමින් හඳුන්වන අතර ඔහුගේ සතතාභ්‍යාසය අනුව පලාපල විස්තර වේ. එහෙත් පොදු ජන සම්ප්‍රදායට අයත් නිමිතින්ගේ පලාපල පෙන්නුම් කිරීමට පුද්ගලයෙක් අවශ්‍ය නොවේ. ඔවුන් ඒ සඳහා සතුන්, භෞතික පරිසරය මෙන්ම පුද්ගල චර්යා රටාවන් උපයෝගී කර ගනී .සාමාන්‍යයෙන් ගැමියා විවිධ අවස්ථාවල මුහුණ දෙන නන්විධ ව්‍යවසන හා සිද්ධීන්ගෙන් වැළකී සිටීම සඳහා ඒවා කල්තියා දැනගැනීමට කැමති වේ.කල්තියා ඉඟි පහළ කරන දෑ නිමිති ගණයට අයත් වේ. ඒවා වාචික හෝ අව්වාචික විය හැකිය. මේවා පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ගැමියා එකී නිමිති මගින් හෙළි වන්නේ කුමන වර්ගයේ ප්‍රතිඵල දැයි විමසීමට පෙළඹේ. ඒ අනුව ආදා බාධා ගණයට අයත් නිමිති වර්ග තුනක් ඔවුන් විසින් සදහන් කරයි. මේ ආකාරයට නිමිති වර්ගකිරීමේ නිර්ණායක වනනේ සශ්‍රිකත්වය වේ. එම නිමිති වර්ග නම්
01. සුබ නිමිති
02. අසුභ නිමිති
03. බාධක නිමිති
මෙම නිමිති පෙර නිමිති හා පෙරමග නිමිති යන දෙකටම අදාළ වේ. පෙරනිමිති යනු අනාගතයේ සිදුවිය හැකි සිද්ධියක් පිළිබඳව කල්තියා පහළ වන සංඥාවන් ය. ගමනක් යාමට පිටත් වීමේ දී ඉදිරියට හමුවන දෑ පෙරමග නිමිති වේ.
සුබ නිමිති පිළිබඳ සැලකිලිමත් වන්නේ වැදගත් කටයුත්තක් ආරම්භ දිහා ආරම්භ දිහා ගමනක් යෑමට පිටත් වන අවස්ථා වලදීය. මෙහිදී සජීවී අජීවී වස්තූන් හා ශබ්ද අනුව කරනු ලබන කාර්යය මගින් යහපත් හා අයහපත් ප්‍රතිඵල දැන ගැනීමට හැකියාව ඇත.
- ගමනක් පිටත්වන මොහොතේ කුකුළකු තෙවරක් හැඬලීම
- කන්කලු හඬක් ඇසීම
- නව යුවලක් හෝ බඩ දරු මවක් හමුවීම
- දිය බඳුනක් හමුවීම
- කිරි එළදෙන සහ කිරි කාරයා හමුවීම
- කුඩා දරුවන් හමුවීම
ඉහත නිමිති සියල්ලම වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් ඒවා සුබ නිමිති යනුවෙන් හඳුන්වනු ලබයි. එමෙන් ම වර්ණයන් ද නිමිති කාරක වේ. සුදු පැහැති සෑම දෙයක්ම සුබ නිමිතිය. වම අසුභ ලෙසත්,දකුණ සුභ ලෙසත් සලකයි.
අසුභ නිමිතිකාරක විශේෂ වශයෙන් සංවර්ධනාත්මක ලක්ෂණයන්ගෙන් තොර වන බව ගැමියන්ගේ මතය වේ. එම නිසා කිසියම් විශේෂ කටයුත්තක් ආරම්භයේ දී හෝ ගමනක් යාමට පිටත්වීමේ දී මෙම අසුභ නිමිති අපේක්ෂා නොකරයි.
- හූනා කෑ ගැසීම
- බල්ලා කම්පට ගැසීම
- කෑරල් ශබ්දය
- උලමා කෑගැසීම
- අංගවිකල වූවන්
- වඳ ස්ත්‍රීන්
- භික්ෂූන්
- මුස්ලිම් ජනයා
- කළු සහ රතු වර්ණ ලෙස සලකයි
පළමුව සඳහන් කළ සුබ පක්ෂයට අයත් නොවන සියලුම නිමිති අසුබ නිමිති ලෙස නොසලකයි. ඒ මන්දයත් අසුබ බාධකවලින් අයහපත් ප්‍රතිඵල ලැබෙතැයි ගැමියා විශ්වාස නොකරන නිසාවෙනි .වැසි වසින්නට ආසන්නයේ ගමනක් යෑමට පිටත් ව කිසිවක් අමතක වීම ගමනට බාධාවකි නමුත් අමතක වූයේ කුඩය හෝ වැසි කබාය නම් එකී බාධාව යහපත සදහා වූ සුභ නිමිත්තකි. නමුත් එයින් ගමන පිළිබඳ තිබූ උනන්දුව හීන වී යයි. එය උදාසීන නිමිතිය. මහලු අය වැරහැලි හැඳගත් අය හා වැරහැලි හිස වටා ඔතා ගත් අය මෙන්ම කලු හරකුන් පෙරමඟට හමුවීම පිටත් වූ ගමන පිළිබඳ පුද්ගලයා අක්‍රීයභාවයට පත්කරයි. එබැවින් මේවා උදාසීන නිමිති වශයෙන් සලකනු ලබයි.
නිමිති බිහිවීමට පාදක වන වස්තූන් පුළුල් ලෙස ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. මේවා නිමිතිකාරක වශයෙන් හඳුන්වයි. එනම්
01. සත්ව ලෝකය හා නිමිති
02. නිමිතිකාරක පුද්ගලයෝ
03. ස්වභාවික පරිසරය හා නිමිති යනුවෙන් හඳුන්වයි
ආකස්මික ව ප්‍රකාශ වන නිමිතිවල කාරක ලෙස බහුලව දක්නට ලැබෙන්නේ සතුන් ය. සිව්පාවුන්, උරගයින්, පක්ෂීන් හා කෘමීන් ඒ අතර ප්‍රධාන ය මොවුන්ගෙන් බොහොමයක් අනර්ථකර ප්‍රතිඵල දක්වන නිමිති කාරක වේ. ඇතැම් පක්ෂීන් හා උරගයින් භූතාත්ම ලබා ඉපදී ඇතැයි යන විශ්වාසය ගැමියා තුළ පවතී.
- බළලා - මරණය ඥාති සම්ප්‍රාප්තිය
- බල්ලා - මරණ බාධක හා ආරවුල්
- හිවලා - වැසි හා මරණ
- මුවා - අනතුරු දැක්වීම
- ගවයා - ශාරීරික හානි
- ගැරඩියා - අපේක්ෂාභංගත්වය
- නයා - සුබ හා අසුබ නිමිති
- හූනා - සුභ සහ අසුභ බාධක
- තලගොයා කබරගොයා - මරණය
- බෝදිලිමා - වසංගත රෝග බිය, විපත් හා ගම්බිම් පාලුවීම
- කපුටා - ඥාති සම්පත්තිය හා පරම්පරාවේ ඥාතියකුගේ මළගෙයක් පිළිබඳ දක්වයි
- උකුස්සා - නියගය පිළිබඳ අනාවැකි
- උලලේනා - වසංගත රෝග වැසි හා ශෝකජනක මරණ
- මයිනා - ප්‍රිය විප්පයෝගය
- කෑරලා - ශෝකජනක මරණ දිගු නියං සමයක පෙරනිමිති දැක්වීම හා බාධක
- පාන්කිරිත්තා - හුදකලාභාවය
- පොල්කිච්චා - අඬදබර සහ මරණය
- බකමූණා - පාළුව වියෝව
- ගේ කුරුල්ලා - වාසනාව අවාසනාව හා වර්ෂාව
- කණ කොකා - දුර්නිමිති
- කිරලා - හුදකලාව
අනවශ්‍ය වෙලාවන්හි දී නිවස තුළ සැරිසරන සමහර කෘමීන්ගෙන් ද යම් යම් අනාවැකි ප්‍රකාශ වන බව ගැමියාගේ මතයයි.
- කළු කුරුමිණියා - නිවෙස් පාලුවීම
- දෙඹර හා බඹර - අපල උපද්‍රව
- ගෙයි මී බැඳීම - සුභ හා අසුබ
- කනාමැදිරි - මලපහ කිරීමේ නිමිත්ත
- කඩි මතුවීම - වර්ෂාව ලැබීම
- මෙරු මතුවීම - වර්ෂාව හමාර වීම
- ගෙරි - ලෙඩ දුක් පැමිණවීම
සමාජයේ ජීවත්වන විවිධ පුද්ගලයින් පෙරමගට හමුවීම සුබ හා අසුබ නිමිති වන අවස්ථාද ඇත.
පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මිත නිමිති උදාසීන නිමිති වලට අයත් වෙයි.
- භික්ෂූන් වහන්සේ - කටයුතු නිෂ්පල විම යාචකයෝ - කටයුතු නිශ්ඵල වීම
- රැවුල ඇති ගැහැනිය - අනිටු ඵල
- වැන්දඹු ගැහැනිය - සශ්‍රීකත්වය හීනවීම පපුවෙ මයිල් නැති පිරිමි මුහුනහි රැවුල නැති පිරිමි - ඇස්වහ කටවහ
- අංගවිකල වූවෝ - අසුභය
- අවි අතැති පුද්ගලයෝ - විපත්ති හා ආරවුල් ගැබිණි මව්වරු - යහපත්ය
- කිරි කාරයා - සුබ ඵල
පුද්ගල හැසිරීම් රටාව, ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍ය, වෘක්ෂලතා ආදිය ස්වභාවික පරිසරය හා නිමිති යන්නට අයත් වේ
- ගින්න - විනාශය
- තැඹිලි ගස - දූ දරුවන්ට සුභඵල
- කත් කෙසෙල් කැන - වතුපිටි පාලුවීම
- තලමල පිපීම - ගම්බිම් පාළු වීම
- අකාලයේ මල් හා ඵල හට ගැනීම - විපත්
- ගෙයි බිම්මල් පිපීම - අයහපත් කාලයක උදාව ඉලුක් පදුරු වියළී යාම - අයහපත් කාලයක උදාව
- රාත්‍රියේ දේදුනු දැකීම - දුර්නිමිත්තකි
- කුරුළු කැදලි - වර්ෂාව හා නියගය
සිංහල සමාජයේ විවිධ තරාතිරම්වල ජන කොට්ඨාශ අතර ප්‍රචලිත යථෝක්ත නිමිති සර්වව්‍යාපී තත්ත්වයකට පත්වූ ඒවා වේ. මෙය ප්‍රාදේශීය සාරධර්ම ඔස්සේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අධ්‍යයතන යුගය දක්වා විකාශනය වූ බව නොරහසකි. නූතන සමාජ ක්‍රමය කෙතරම් දියුණු මට්ටමක පැවතියද ජන විශ්වාසයේ එන මෙම නිමිති සම්පූර්ණයෙන් ම බැහැර කිරීමක් තවමත් දක්නට නො ලැබේ .
Niyamaai sano
ReplyDeletegood job sano
ReplyDeleteniymai
ReplyDeleteMithaya matha ☝
ReplyDelete