Like to Travle

Sunday, June 24, 2018

සංස්කෘතිය සහ ජනප්‍රිය සංස්කෘතිය





මානව සමාජය
  •  භූගෝලීය පරිසරය
  •  ජන සංඛ්‍යාව
  •  ලිංගික සහ ප‍්‍රජනන ක‍්‍රියාවලිය
  •  සන්නිවේදන ක‍්‍රියාවලිය


යන සාධක වල එකතුවෙන් ගොඩ නැගී ඇත. සමාජයක් හදුනා ගැනීමේ දී බලපාන කරුණු අතර සංස්කෘතිය යනු ප‍්‍රධාන අංගයකි. සමාජය යම්කිසි නීති රීති ක‍්‍රමක් අනුව ජීවත්වන පුද්ගල සමූහයකින් සෑදී ඇත. මිනිසා කෙළින් සිට ගැනීම හෙවත් කායික සමබරතාව, දියුණු මොළයක් පිහිටීම, චර්යාව පාලනය කළ හැකි ස්නායු පද්ධතියක් පිහිටීම, කතා කිරීමේ හැකියාව, සංඥා සංකේත භාවිතයේ හැකියාව, නිර්මාණශීලීත්වය ආදිය සංකීර්ණ සංස්කෘතියට හිමිකම් කියයි. මිනිසාගේ හැසිරීම යන්න සංස්කෘතියේ කොටසක් වනවා පමණක් නොව පුද්ගලයින් අතර, සමූහ අතර, සංස්ථා අතර ඇති වන සම්බන්ධතා කෙරෙහි ද සංස්කෘතිය බලපානු ලබයි. සමාජයක ඇති දේ, කරන දේ මෙන් ම හිතන දේ ඇතුළත් භෞතික හා අභෞතික යන සියල්ල සංස්කෘතියට අයත් වේ. 

මේ අනුව පැහැදිළි වන්නේ  සමාජයේ ජීවත්වෙන සියලූම පුද්ගලයන්ගේ සමස්ත ජීවන රටාව ක‍්‍රියාත්මක වන්නේ සංස්කෘතිය මගින් වන බවයි. සමාජයේ සහ සත්ව සමාජය අතර වෙනස තීරණය වන ප‍්‍රබල සාධකය වන්නේ ද මෙම සංස්කෘතියයි. මිනිසා මෙන් ම සතුන් ද සාමූහිකව ජීවත් වුව ද සංස්කෘතියක් ඇත්තේ මිනිසාට පමණි. එ් අනුව මිනිසාට සංස්කෘතිය විශ්වීය වටිනාකින් යුතු ප‍්‍රපංචයක් වේ. එබැවින් "මිනිසා සංස්කෘතික පරිසරයක් තුළ ඉපදී හැදීවැඞී මිය යන සත්වයෙක් ලෙස හැදින්විය හැකිය."

සංස්කෘතිය 'culture' ( cultiration of the soul)යන ලතින් වචනයෙන් ගොඩනැගුණ නවීන සංකල්පයකි. 17 වන සියවසේ දී සංස්කෘතිය යන පදය යුරෝපයේ නැවත භාවිතයට එක් විය. සංස්කෘතිය යන්න නිර්වචනයට අසීරු සංකීර්ණ සංකල්පයකි. එය සංස්කෘතිය පිළිබඳ පවතින අර්ථ කතන වලින් පැහැදිලි වේ.ආරම්භයේදී ඉතා සරල අරුතක් සංස්කෘතිය සඳහා භාවිත වූවද කාලයාගේ අවෑමෙන් සංස්කෘතිය අතීශයින්ම සංකීර්ණ විය. ඒ අනුව විවිධ විෂයන් තුළ සංස්කෘතිය තුළ විවිධ අර්ථකථන රැසක් දක්නට ලැබේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සංස්කෘතිය පිළිබඳ නිර්වචන 164 පමණ පවතින බව කියවේ.
           
"මානව විද්‍යාවේ පියා" ලෙස හදුන්වන ඉංග‍්‍රීසි ජාතික  එඩ්වඩ් ටයිලර් විසින් 1871 දී ප‍්‍රකාශයට පත් කරන ලද 'Primitive Culture' නම් ග‍්‍රන්ථයෙහි සඳහන් කරන ආකාරයට සංස්කෘතිය යනු

සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය, ආචාරධර්ම, සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයකි”

ටයිලර් විසින් නිර්වචනය කර ඇති ආකාරයට සංස්කෘතිය යනු මිනිසාගේ සමාජීය ජීවිතයයි. මානවයා ශිෂ්ටාචාරගත වීමත් සමග සමාජයේ සාමාජිකයෙකු වශයෙන් එක් කර ගන්නා ලද භෞතිකහ හා අභෞතික දේ වේ. ඔහු මෙම නිර්වචනය ඉදිරිපත් කර ඇත්තේ මානව විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් ය.

සංස්කෘතතිය නිර්වචනය කරන "ලෙස්ලි වයිටි" නමැති මානව විද්‍යාඥයා
"සංස්කෘතිය සංකේතාත්මක වූත්, අඛණ්ඩ වූත්, අලූතින් දේවල් එකතු කර ගන්නා වූත්, ප‍්‍රගතිශීලී ක‍්‍රියාදාමයකි"

ඔහුට අනුව සංස්කෘතිය ගතික, අඛණ්ඩ ක‍්‍රියාවලියකි. මානවයාගේ බුද්ධි වර්ධනයත් සමග සංස්කෘතියට නව දේ එක්කර ගනී.

"කාල්ටන් එස් කූන්" නමැති මානව විද්‍යාඥයා සංස්කෘතිය හඳුන්වන්නේ ඉගෙනුම් ක‍්‍රියාවලියක් ලෙසය.මිනිසා තමා ජීවත් වන ආකාරය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙන බවත් එසේ පවරා දෙන්නේ තමා ඉගෙන ගත් දේ හෙවත් සංස්කෘතිය බවය.

සංස්කෘතිය යන පදයට නිශ්චිත, ඒකීය අර්ථ නිරූපණයක් නොමැත. නූතන සමාජ ක‍්‍රමය තුළ සංස්කෘතිය යන්න කොටස් කිහිපයක් යටතේ සාකච්ඡාවට බඳුන් වේ.

  • ජනප‍්‍රිය සංස්කෘතිය
  • ගෝලීය සංස්කෘතිය
  • අන්තර් සංස්කෘතිය
  • ජාතික සංස්කෘතිය
  • සංස්කෘතික ගැටුම            යනුයෙන් ඒවා හඳුනාගත හැකිය.



සංස්කෘතිය සතු ගති ලක්ෂණ පහත පරිදි හඳුනාගත හැකිය.
  •  සංස්කෘතිය යනු ඉගෙනුම් ක‍්‍රියාවලියකි.
  •  සංස්කෘතිය සමාජ අන්තර් කි‍්‍රයා ඔස්සේ ගොඩනැගෙන                                  සමාජීය තත්ත්වයකි.
  • සංස්කෘතිය පරම්පරාවකින් පරම්පරාවකට සම්පේ‍්‍රෂණය                                 වන්නකි.
  • සංස්කෘතිය අඛණ්ඩ ක‍්‍රියාවලියකි.
  • සංස්කෘතිය ගතිකය.
  • සංස්කෘතිය සාපේක්ෂය.
  • සංස්කෘතිය පොදු දෙයකි.


 ජනප‍්‍රිය සංස්කෘතිය



ජනප‍්‍රිය යන්නේ වචනාර්ථය ‘ජනයා අතර ප‍්‍රිය වූ’ හා ‘ජනයා සමග වැඩෙන’ වශයෙන් සරලව දැක්විය හැකිය. 14 හා 16 වන සියවස් අතර කාලයේ පුරාණ ග‍්‍රීසියේ පුනරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේ දී ව්‍යවහාරයට එක් වූ ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය සමග ප‍්‍රචලිත විය. 20 වන සියවස වන විට එය වඩාත් ප‍්‍රචලිත විය. ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.

"ජනප‍්‍රියසංසකෘතිය යනු ජනමෝහනීය සංස්කෘතිය යි"
                                                (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර)

"ජනප‍්‍රිය සංස්කෘතිය යනු බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ"
                                                (නූතන කලා විචාරකයින්)

"ජනප‍්‍රිය සංස්කෘතිය සමාජයේ ජීවත් වන සියලූ දෙනාගේ සංස්කෘතිය වේ"                                        (බටහිර කලා විචාරකයින්)

ජන සංස්කෘතිය වෙත මාධ්‍ය විසින් කරන ලද බලපෑම ජනප‍්‍රිය සංස්කෘතියේ පදනමයි. එය ඡුදච ක්‍මකඑමරු නමින් භාවිතයට එකතු විය. මුද්‍රණ ශිල්පය සමග සන්නිවේදන ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය සාහිත්‍යාංග විශාල වශයෙන් ප‍්‍රචලිත විය. පුවත්පත, රූපවාහිනිය, ගුවන් විදුලිය, සිනමාව හා වර්තමානයේ භාවිතයට ගැනෙන නව මාධ්‍යය ද ඒ සඳහා මූලික වී ඇත. ජනප‍්‍රිය සංසකෘතිකාංග සමාජයේ දිගු කාලයක් වැඩෙමින් පවතින අතර එය මිනිසාගේ දෛනික ජීවිතය හා බැඳෙයි.

 ජනප‍්‍රිය සංස්කෘතිය ජනමාධ්‍ය මත ද ජනමාධ්‍ය ජනප‍්‍රිය සංස්කෘතිය මත වශයෙන් අන්තර් සම්බන්ධයක් පවතින බව "කේ ටියුනර්" පෙන්වා දෙයි. 

ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දෙකක් ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය යනු ප‍්‍රභූන් විසින් තමාට පහළ ස්ථරය පානය කිරීම සඳහා යොදාගත් සංස්කෘතිය බව එක් අදහසකි. දෙවැන්න නම් පාලක පන්තියේ සංස්කෘතියට විරුද්ධව නැගී සිටින පොදු බලවේගය බවය. මෙම මත දෙක අතුරින් ප‍්‍රකට මතය වූයේ ජනප‍්‍රිය සංස්කෘතිය යනු පොදුජන සංස්කෘතිය බවය.

ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පොදු ජන විඥානය මෙහෙය වන නව හෙජමනියක් ලෙස ජන මාධ්‍ය ක‍්‍රියාත්මක කරයි. එය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත පදනම්ව බිහිව ඇති සංස්කෘතික කර්මාන්තයකි. ජන විඥානයට නව අංග හදුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට නිශේධනාත්මකව බලපෑ හැකිය. භාණ්ඩ හා සේවා මූලික කර ගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිශ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි. 

පාරිභෝගික ජනතාව විසින් ජනප‍්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යනු ලබයි. ජන මාධ්‍ය විසින් ඉතා සරල ක‍්‍රමවේදයක් තුළ අවම මූල්‍ය මැදිහත් වීමකින් සරළ වින්දන සංස්කෘතියක අක‍්‍රීය පාරිභෝගිකයන් බවට පොදු ජනතාව පත් කරයි. ජන මාධ්‍ය නිර්මාණශීලී හා මතවාදී මැදිහත් වීමක් වෙනුවට ඒකකෘතික වට්ටෝරු නිෂ්පාදන පෙළක් තුළ අවම ශ‍්‍රම මැදිහත් වීමකින් යුත් තාක්ෂණික නිලංකාර කිරීම් වලින් ග‍්‍රාහක ආකර්ෂණය හිමිිකර ගනී. ජනප‍්‍රිය සංස්කෘතිය හදුනා ගැනීමේ මූලිකාංග ලෙස
           
  •  කාලය
  •  තාක්ෂණය මැදිහත් වේ
  • කර්මාන්තකරණය
  • පාරිභෝජනවාදී
  • සංවේදීකර
  • ආකර්ෂණීයයි
  • සරළ/ නොගැඹුරු
  • දූෂිත
  • ඒකකෘතික
  • සම්මතකරණය
  • ගතානුගතික
  • මුසාවාදිත/ ව්‍යාජ



ජනප‍්‍රිය සංස්කෘතිය ලොව ප‍්‍රචලිත වූයේ පශ්චාත් නව්‍යවාදී චින්තනයෙහි ව්‍යාප්තිය සමඟය. පශ්චාත් නව්‍යවාදය ධනවාදයෙහි අද්‍යතන ප‍්‍රවණතාවන්හි සංස්කෘතික පිළිබිඹුවක් බව කීර්තිමත් විද්වතකු වන "ෆ්‍රෙඞ්රික් ජෙම්සන්ගේ" මතයකි. වාණිජමය ධනවාදය, ඒකාධිකාරී ධනවාදය හා බහුජාතික ධනවාදය යනුවෙන් ඔහු ධනවාදය කොටස් 3 කට බෙදා දක්වන අතර පශ්චාත් නව්‍යවාදය බහු ජාතික ධනවාදයෙහි අන්තර්ගත සංස්කෘතික ධර්මතා පිළිබිඹු කරන බව ජෙම්සන්ගේ ආකල්පය වේ. 

විවෘත ආර්ථික ක‍්‍රමය ඔස්සේ මෙම මතවාද වලට මෙරට සංස්කෘතිය හා සම්පර්කවීමේ ඉඩකඩ ලැබිණි. එතැන් පටන් බිහි වූ තරුණ පරපුර ද පෙර පරපුර හා සසඳන විට මුල් නැතිව දලූ ලා වැඩුණු පිරිසකි. බටහිර පොප් සංගීතය ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතික මතවාද මෙරට මහා ජන සම්ප‍්‍රදාය ආක‍්‍රමණය කිරීම ඇරඹුවේ 90 දශකයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවන්ගේ සහ එෆ්. එම්. ගුවන් විදුලි නාළිකාවන්ගේ ව්‍යාප්තියත් සමගය.

ජනප‍්‍රිය සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවති. මෙහි ප‍්‍රධාන ලක්ෂණය වනුයේ ග‍්‍රාහකයා ඉතා ඉක්මනින් ඇඳ බැද තබා ගැනීමයි. ජනප‍්‍රිය සංස්කෘතිය දිගු කාලීන මෙන් ම කෙටි කාලීන ද වේ. ජනප‍්‍රිය සංස්කෘතිය වෙත ඉක්මනින් ම ආකර්ෂණය වනුයේ කාන්තාවන්, ළමුන් සහ තාරුණ්‍ය වේ. සංස්කෘතියක මූලික හැඩය වන ගතික බව හා ක්ෂණික බව ජනප‍්‍රිය සංසකෘතියට අනන්‍ය ලක්ෂණයකි. මෙය මූලික වශයෙන් ම කාලීන තත්වය මත ගොඩනැගේ. විශේෂයෙන් ම මධ්‍යම පන්තියේ ශ‍්‍රමිකයින් මෙහි මූලික ඉලක්ක ග‍්‍රාහකයින් ය.

 ජනප‍්‍රිය සංස්කෘතිකාංග මූලික වශයෙන් මහාපරිමාණ කර්මාන්ත හා බැඳී පවතී. එහි බෙදා හැරීම් සිදු වන්නේ මහා පරිමාණයෙන් ය. මේවා බොහෝ විට වාණිජත්වය හා බැදුණු ලාභය අරමුණු කර ගත් නිශ්පාදන ක‍්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකිය. එසේ ම එය කලාත්මක ලක්ෂණ වලින් ද අගය කල හැකි මට්ටමක පවතින බවට ද මතයක් පවති. මූලික වශයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය ජනමාධ්‍ය හා බැදී පවතින අතර වර්තමානයේ නව මාධ්‍ය හා සම්බන්ධ වී ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය තාක්ෂණය සමඟ අනිවාර්ය සම්බන්ධයක් පවති. ප‍්‍රාසාංගිකත්වය ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රධාන ලක්ෂණයකි.

4 comments:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...