අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නකි. තවත් අයෙකුට මෙය විශාල වෙළඳපොළකි. තවත් කෙනෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුළු වන්නා මොනයම් සිතුම් පැතුමෙන් පැමිණියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියළු දේ මෙහි අඩංගු වේ. කෙටියෙන් පවසතොත් මෙය ලෝකයේම පිටපතකි.
අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල පමාණයක් ඇත. නමුත් ඇත්ත වශෙයන්ම ඔබට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, මෙම පරිගණක එකිනෙකට සම්බන්ධ බවත් ඒවාට එකිනෙකා සමඟ කථා කළ හැකි බවත් පමණි. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ පධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල පමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි.
වර්ථමානෙය් අප මෙය හඳුනා ගනු ලබන්නේ නව මාධ්‍යයක් ලෙසිනි. නව මාධ්‍ය යනුවෙන් භාවිතා කිරීමෙන්ම පැරණි මාධ්‍ය ද ඇතැයි යන්න නිතැනින්ම ප්‍රකාශ වෙයි. එහෙත් පැරණි මාධ්‍ය කවරක්ද, නව මාධ්‍ය කවරක්ද යනු පැහැදිලිව රේඛාවකින් වෙන්කොට දැක්වීම අපහසුය. තවද එය බලන්නාගේ දෘෂ්ඨි කෝණය සහ මිණුම් දණ්ඩ මත රඳා පවතින්නකි.අදටත් ඉතා ප්‍රබල මාධ්‍ය වන ගුවන් විදුලිය මෙන්ම රූපවාහිණියද එක් අතකින් බලන විට පැරණිය. නවීන තාක්ෂණය සමග මුසුවී දිනෙන් දින සිදුවන නව්‍යතාවය සළකා බැලීමේදී අදටත් නැවුම්ය. එසේම පැරණි මාධ්‍ය ලෙස සළකනු ලබන පොත්, පුවත් පත් යනාදිය නව තාක්ෂණෙයන් දිනෙන් දිනම නවීකරණය වෙමින් නව මාධ්‍ය බවට පත් වෙයි.
සන්නිවේදනයේ මූලික පියවරයන් වන භාෂාව,භාෂණය හා ලේඛනය යුගයෙන් යුගයට විපරිණාමය වීමේ ප‍්‍රතිථලයක් ලෙස නූතන මාධ්‍යය බිහි වූ බවට සැකයක් නැත. සන්නිවේදනය ආරම්භයේ දී මිනිසා ඒ සඳහා විවිධ ක‍්‍රමවේද භාවිතා කළේය. මුල දී දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මුහුණට මුහුණලා කළ සන්නිවේදනය පසුව ඔවුන් භූගෝලීය වශයෙන් දෙතැනක සිටින විට ද කළ හැකි තත්වයට වර්ධනය විය.කාලයත් සමග ඒ ක‍්‍රමද විකාශනය විය. ඒ අනුව ලේඛනය මුල් කරගෙන බිහි වූ පොත පත, ලිපි ලේඛන ආදිය මුද්‍රිත මාධ්‍ය ලෙස හැඳින් වූ අතර විද්‍යුත් පරිපථයක් හෝ චුම්බන මෙවලක් උපයෝගි කරගෙන දැනුම ගබඩා කරන හෝ බෙදා හරින මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය ලෙස හැදින්විය.බ්මෙම ද්ත්ත්ව මාධ්‍යයෙන් ම සිදු කරනුයේ මිනිසා මෙතෙක් උරුම කරගත් දැනුම් සම්භාරය මතු පරපුරට දායාද කිරීමයි. මෙකී විකාශනයේ සංවර්ධිත අවස්ථාව ලෙස අන්තර්ජාලය හැඳින්විය හැක.
21 වන සියවසේ දී ලෝකය විශ්ව ගම්මානයක් වේ යැයි පැවසූ වදන පසක් කරමින් නූතන සමාජ ක‍්‍රමය වන විට ලොව පුරා සිටින මිනිසුන් අතර මෙතෙක් පැවති දුරස්ථභාවය අහෝසි වී සමීප සබැඳියාවක් ගොඩනැගී ඇත. එකී සංසිද්ධියට පදනම් වූයේ ද සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ දියුණුවයි. මිනිසා එකිනෙකාට සමීප කරවීමේ කාර්යයේ දී අන්තර්ජාලයේ මැදිහත්වීම සුළුපටු නැත.
අන්තර්ජාල භාවිතය හා ඒ ආශ්‍රිතව විශාල වශෙයන් සංස්කෘතික ගැටලූ වර්තමානය වන විට පැන නැගී ඇති බැව් සත්‍යයකි. වර්තමානය වන විට ලෝකෙය් සෑම රටකම පාහේ කුමන හෝ කාර්යක් සදහා අන්තර්ජාලය භාවිතා කරනු ලබයි. අන්තර්ජාලය පරිහරණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමගම එමගින් සමාජයට කරන බලපෑම ද වර්ධනය විය . මෙම වර්ධනයත් සමගම අන්තර්ජාලය සම්බන්ධ නව සංස්කෘතියක් ගොඩ නැගෙමින් පවතී. ලෝකෙය් කවර ස්ථානයක සිට වුවද ඕනෑම පුද්ගලෙයකුට අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමට හැකියාව තිබේ. ඒ මගින් තොරතරු ලබාගැනීමටත් තොරතරු ඇතුලත් කිරිමටත් හැකියාව ඇත. එමෙන්ම අන්තර්ජාලය තුල වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ද අවස්ථාව ලබා දී ඇත. නමුත් පුවත්පත් රූපවාහීනී වැනි වෙනත් මාධ්‍යවලදී මෙවැනි නිදහස් අවස්ථාවක් හිමි නො වේ. එහෙත් අත්තර්ජාල මාධ්‍ය දේශ සීමා බාධා බිද දමමින් ගෝලිය සමාජයක් තුල අවම පාලනයකින් සිදු වේ . ගෝලීය මට්ටමින් ගොඩනැගී ඇති අන්තර්ජාල සංස්කෘතියේ ක‍්‍රියාකාරී ස්වරූපය හදුනා ගැනීමේ දී ස්තී පුරුෂ ළමා වැඩිටි භේදයකින් තොරව සමස්ථ ප්‍රජාවට ම අන්තර්ජාලයට ප‍්‍රවේශ වීමේ හැකියාව ඇත.
අන්තර්ජාලය බහු කාර්ය මාධ්‍යයක් වශෙයන් මානව සමාජ ආර්ථික දේශපාලන විනෝද හා විවිධ කාර්යයන් ඵලදායීව ඉටුකර ගැනීමට භාවිතා කළ හැකි මාධ්‍යයකි. නමුත් මානව සමාජ ආර්ථික දේශපාලන විනෝද හා විවිධ අංශ හරහා ජිවිතය පරිහානියට පත් කරන මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හදුන්වා දි තිබේ. ප‍්‍රසිද්ධ මනෝ උපෙද්ශකෙයකු වූ කිම්බෝල් එස් යන අය විසින් අන්තර්ජාලය හා දැඩි සම්බන්ධයක් පවත්වන පුද්ගලයින් 436 ක් ඇසුරින් කරන ලද පර්යේෂණයකදී පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ගලයින් කිසියම් මානසික ව්‍යාධියකට පත්ව ඇති බවයි .
අන්තර්ජාලය භාවිතය තුළින් යහපත් ප‍්‍රතිථල මෙන්ම අයහපත් ප‍්‍රතිඵල ද අත් වේ. වර්තමානය වන විට වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ අයහපත් ප‍්‍රතිථල පිළිබඳවයි. එයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අන්තර්ජාලය තුළ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සමූහයයි. ඒවා ද සමාජ ජාල වෙබ් අඩවි සහ අසභ්‍ය වෙබ් අඩවි යනුවෙන් නූතන සමාජය තුළ වර්ග කිරීමට ලක්ව ඇත. අන්තර්ජාලය තුළින් සිදුවන සමාජ දුරාචාර වලට මෙම අසභ්‍ය වෙබ් අඩවි සෘජුවම බලපාන බව නවතම සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී ඇත.
- ස්ත‍්‍රි දූෂණය
- ළමා අපචාර
- සමලිංගික සම්බන්ධතා
- ගණිකා වෘත්තිය
- අසභ්‍ය ප‍්‍රකාශයන් ඉදිරිපත් කිරීම හා ඒවා නැරඹීමට ඇබ්බැහි වීම
- විවිධ ක‍්‍රීඩා සඳහා යොමු වීම
- මානසික ආතතිය
ආදී බොහොමයක් සමාජ අපරාධ සමාජ අපරාධ සිදු වන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමෙන් ඇති වන බලපෑම නිසා බව එම වාර්තාවලින් හෙළි වේ. අන්තර්ජාලය යනු කිසියම් පුද්ගලයකුගේ පාලනයට නතුවන මාධ්‍යයක් නොවේ. හුදෙක් එය තහංචි වලින් තොර මාධ්‍යයකි. මේ නිසා අන්තර්ජාලය පරිහරණය කිරීම යනු අපේ භාෂාවෙන් කියෙතොත් එය දැලි පිහියෙන් කිරි කනවා වැනි කියාවකි.
වඩාත් දියුණු සන්නිවේදන මෙවලමක් වශෙයන් මෙය භාවිතා කිරීමට සාපේක්ෂව ඉහතින් සඳහන් කළා වූ අයහපත් ප‍්‍රතිඵලයන්ගේ ගොදුරක් බවට වර්ථමානෙය් ශී ලංකාවද හසු වී තිබේ. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ අසභ්‍යය වෙබ් අඩවි බිහි වීම මෙන්ම තහනම් කිරීමද ඉතා සීඝෙයන් වර්ධනය වන ආකාරය දැකගත හැකි වේ.
Watinawaa
ReplyDeleteGood luck sano....
ReplyDelete