Like to Travle

Wednesday, July 18, 2018

ගතට සිතට ලෙඩ දෙන smart phone



පණිවිඩ හුවමාරුව පහසුකිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස  ජංගම දුරකථනය ලෝකයට දායාද විය. ජංගම දුරකථනය බිහි වන්නේ 1960 ගණන්වලදී ය. මුල් කාලයේ දී එය ජංගම රේඩියෝව ලෙසින් හඳුන්වනු ලැබූ අතර ප්‍රථම ජංගම රේඩියෝවේ ආරම්භය 1920 දී සිදුවිය. මෙම රේඩියෝව විමධ්‍යගත එකක් ව්ය. එනම් ඇසීම  සහ පණිවිඩ යැවීම යනන්ට පමණක් භාවිතා විය . මෙය ජංගම දුරකතනයේ මූලාරම්භය සනිටුහන් කළ ද එහි දාර්ශනික පසුබිම නිසාවෙන් ජංගම ගමනාගමනයට පහසු නොවීය. මෙම දුරකථනය අතේ ගෙන යා හැකි මට්ටමට බිහිවන්නේ ට්‍රාන්ස්සිස්ටරය සොයාගැනීමත් සමගය. මෙලෙස බිහිවූ ජංගම දුරකථනය ප්‍රධාන යුග හතරක් ඔස්සේ විකාශනය වූ බවක් දැකගත හැකිය.
ඉහත සඳහන් කළේ ජංගම දුරකථන ඉතිහාසයෙන් බිදකි. දැන් අපි ඉන්නේ 21  වන සියවසේ විශ්ව ගම්මාන සංකල්පය, තාක්ෂණික ලෝකය, නවීකරණය,  සංවර්ධනය ආදි සංකීර්ණ නම් වලින් හඳුන්වන සමාජය ක්‍රමයක. මෙම සමාජ පසුබිම තුළ පුද්ගලයා ඉතා කාර්යය බහුල දිවි පෙවතක් ගතකරමින් සිටියි. කාර්යය බහුල ජීවිතයේ තොරතුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නව මාධ්‍ය පුද්ගලයාට දක්වන්නේ අපරිමිත සහයෝගයකි. පුද්ගලයාගේ තොරතුරු අවශ්‍යතාව පූර්ණය  කිරීමේදී අනෙකුත් මාධ්‍යයන් සියල්ල පරයමින් කෙටි කාලයක් තුළ ලෝකයේ වැඩි ව්‍යාප්තියක් සිදුවූ ජනප්‍රිය මාධ්‍ය වන්නේ ජංගම දුරකථනයයි. නූතන සමාජය තුළ මෙය smart phone ලෙස භාවිත වේ.

Smart phone එක අද සමාජයේ ජීවත්වන පුද්ගලයන්ට අරුමයක් නොවේ.  සෑම කෙනෙක් අතම smart phone එකක් දැකිය හැකි වීම සුලභ කරුණක් පමණක්ම නොව එය  culture එකක් කිවහොත් නිවැරදිය. පුද්ගලයාගේ දින චර්‍යාව පාලනය කිරීමට එනම් ඔහු කරන කියන දේවල් පාලනය කිරීමට මෙය සමත් වේ. කෙටියෙන් ම කිවතොත් ඇතමෙක්ගේ මුළු ජීවිතයම පාලනය කිරීමට අද වන විට  smart phone සමත්වී තිබෙනවා. මේ අනුව නූතන සන්නිවේදන කාර්ය තුළ අප smart phone මෙහෙයවනවා නොව smart phone විසින් අපව මෙහෙයවනවා කිව්වොත් වඩාත් නිවැරදියි. දන්නෙම නැතුව අපි smart phone වල වහලෙක් වෙලා.

මෙහි ඇති භයානක තත්ත්වය තමයි මේවාට වැඩි වශයෙන් ඇබ්බැහි වී තිබෙන්නේ තරුණ පරපුරයි වීමයි. ලෝකයට කිසියම් දායකත්වයක් ලබා දීමට සිටින පුරවැසියන්ගේ වඩාත්ම ඵලදායි කාර්යක්ෂම ජන ස්තරය තරුණ පරපුරයි එම  නිසා ඔවුන්ගේ ජීවිතවල ඵලදායිතාවය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ. ඔවුන් විවිධ පීඩන වලට පත් කිරීමට smart phone සමත්වෙනවා. ඔවුන්ගේ මනස පීඩාකාරී වුවහොත් රටට ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව, ශ්‍රමය, ප්‍රතිභාව නැතිවී යනවා. එපමණක් නොව මේ නිසා පුද්ගලයා කායික හා මානසික වශයෙන්  ගැටළු රැසකට මුහුණපානවා.

Smart phone භාවිතයේදී සිදුවන කායික ගැටලු ලෙස කොඳු ඇට පෙළෙහි   ආබාධ, තරබාරු බව, හදිසි අනතුරු, නින්ද අවම වීම, හඳුනාගත හැකිය. smart phone භාවිතයේදී නිතැතින්ම අපේ හිස නැවෙනවා. Phone එකට පුරුදු උනාම මේ විදිහට හිස පහතට නැඹුරු කරගෙන ගත කරන කාලය පැය ගණනාවක් වෙනවා. මේ නිසා ජංගම දුරකථන පරිශීලකයන් කොන්දෙ වේදනාවලට නිතර නිතර ලක්වෙනවා. බෙල්ල නමාගෙන smar tphone භාවිත කිරීම නිසා වැලදුන රෝගයක් අලුතින් හඳුනාගෙන තිබෙනවා එය Text Neck Syndrome යනුවෙන් හදුන්වයි. අවුරුදු 16 ත් 24 ත් අතර තරුණියන්ගෙන් 45% ක් ම කොන්දෙ වේදනාවෙන් පීඩා විඳින බව British Chiropactic Association අනාවරණය කරයි.

රිය අනතුරු බහුල වීම කෙරෙහිද smart phone ප්‍රබල සාධකයක් වෙනවා. යමෙකු රිය පදවන අතරතුර ජංගම දුරකථන සංවාදයක නිරත වනවා නම් ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය 37% කින් අඩු වන බව වොෂින්ටන් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබේ. ධාවනයේ යෙදෙන අතරතුර ජංගම දුරකථනය භාවිතය නිසා පාර හරහා මාරු වන පදිකයන් හා ට්‍රැෆික් ලයිට් හඳුනාගැනීමට නොහැකි වීමේ ඉහළ ඉඩකඩක් පවතියි. රිය පදවන අතරතුර භාවිතය ඉතා අනතුරුදායක වේ.

Smart phone භාවිතා කිරීම ස්ථූලතාවය ඉහළ නංවන්නට විශාල සම්මාදමක් සපයයි. ජංගම දුරකතනයට ඇබ්බැහි වූ තැනැත්තා ව්‍යායාම වලින් ඈත් වෙනවා ක්‍රීඩා වෙනුවට ඔහු තෝරා ගන්නේ vedio games ය. ඇවිදීමට, ව්‍යායාම් කිරීමට වැඩි මනාපයක් නොදක්වන ඔවුන් තරබාරු ශරීරයකට උරුමකම් කියයි. මොවුන් හෘද රෝග පිළිකා ආදියට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉතා ඉහලය.

වයස අවුරුදු 18 ත් 29 අතර ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන්ගෙන් 60% ක් ම නින්දට යන්නේ තමන්ගේ ෆෝන් එක ළඟ තබාගෙනය. ඔවුන් නින්දට පෙර සැලකිය යුතු කාලයක් දුරකථනයේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. Facebook , vedio games වැනි දේ සමග හෝරා ගනන් ගත කරවා. මෙය අප ශරීරයට අහිතකර බව ඔබ මොහොතකටවත් සිතුවාද. දීප්තිමත් තිරයට වැඩි කාලයක් රසායනය ලපෑමට ලක්වන අතර ඒ නිසා නින්දට බාධා පැමිණිය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා දුරකථනය ළඟතබාගෙන ඔබ කිසියම් කාර්යයක නිරත වුණා කියලා හිතන්න එවිට මොළය අවදි වී සිටිනවා විවේකය ඔබට ඉතා ශ්‍යයි ඔබට විවේකය අවශ්‍ය වෙලාවට ඔබ මේ ආකාරයෙන් ඔබේ නිදියහනේ සාමයට බාධා ඇති කරගන්න නිසා ඔබට විවේකය අඩු වෙනවා පසු දිනයේ තම කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට මෙයින් මහත් බාධා ඇති වෙනවා.

Smartphone භාවිතයේදී කායික ගැටළු පමණක් නොව මානසික ගැටලුද ඇතිවිය හැකිය .smartphone එක තියෙන්නෙ සම්බන්ධතා ඇති කර ගන්න අපි කවුරුත් හිතන්නෙ එහෙමයි. ඒක වැරදියි ඇත්තෙන්ම smart phone භාවිතය නිසා සිදු වෙන්නේ ජීවිතේ හුදකලා වීමක් මුලින්ම තමන්ට තමන් නැති වෙනවා.... පවුලේ ඥාති, හිත මිත්‍රාදීන්ගෙන් අපව ඈත් කරන උපකරණයක් ලෙස නූතන සමාජය තුළ smart phone එක භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් දිනකට පැය 8-10 ත් අතර කාලයක් smart phone එක සමග ගත කරන පුද්ගලයන් අද කාලයේ සුලභ දසුනක් ජීවිතයට වැඩියෙන්ම වටින්නේ මනුෂ්‍ය සම්බන්ධතායි. අවට සිටින පුද්ගලයින් සමග ඇති කරගන්නා හිතවත්කම් අපව ධනාත්මක ජීවිතයකට යොමු කරනවා. දුරකතන සංවාදවලදී සජීවි බවක් නොමැත එම සම්බන්ධය එතරම් තාත්වික නොවේ. මේ නිසා වැඩි වැඩියෙන් smart phone භාවිතයේදි වැඩි වැඩියෙන් හුදකලා වන බවත් ඔවුන් අතරෙහි විෂාදය සාංකාව ආදී රෝග වැඩි වැඩියෙන් වාර්තා වන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

Smart phone මගින් කෙරෙන තවත් බරපතළ හානියක් වන්නේ අපේ සිතේ දැහැන්ගතභාවය නොහොත් සමාධිය බිඳ වැට්ටවීමයි. ජංගම දුරකථන භාවිතයට හුරු වූ තැනැත්තෙකුට කිසියම් කටයුත්තක් එක එල්ලේ සිදුකිරීමේ පරිචය අහිමි වෙනවා. කටයුතු සාර්ථකතකව කිරීමට ඔවුන් අපොහොසත් වේ. Smart phone පරිශීලකයන් කිසියම් කාර්යක දී තම අවධානය නියම ආකාරයෙන් යොමු කිරීම පිළිබඳ දුර්වලතාවක් පෙන්නුම් කරන් බව හෙළිදරව් වී තිබෙනවා. නූතන පරම්පරාව දෙස බැලීමෙන් අපට මෙම කාරණය වඩාත් පැහැදිලි කරගත හැකිය. අද ව්න් විට නව පරම්පරාව සම්භාව්‍ය කලාවෙන් ඈතට ගොස් තිබෙනවා. ඔවුන් කලාව ලෙස දකින්නේ ක්ෂණික වින්දනයක් පමණි. සම්භාව්‍ය සංගීතයක උසස් නවකතාවක රසය ඔවුන් හ්දුනන්නේ නැත. ජීවිතයේ සොඳුරු බව විදිමින් ගැඹුරු මානුෂීය භාව ස්පර්ශ කිරීමට නව පරම්පරාවට නොහැකිවී තිබෙනවා. ප ජීවන රටාව තුළ ඔවුන්ට ලැබී ඇත්තේ අනභිභවනීය ස්ථානය.එහෙයින් මෙම පිරිහීමට smartphone හේතුකාරක නොවූවා යැයි සිතිය නොහැක

ජංගම දුරකථනයෙන් විශාලතම හානි සිදුවන්නේ දරුවන්ටයි. ජංගම දුරකතනයට ලොල් වීම දරුවන් සිදුකරගන්නා මහා ව්‍යසනයකි. ස්වභාවික පවුල් පරිසරයක දී මව්පිය දූදරු සම්බන්ධතා දරුවාගේ චරිත සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වේ. Smart phone එකට ඇබ්බැහි වූ දරුවන් මවුපියන් හා සම්බන්ධතා පැවැත්වීමට එතරම් මනාපයක්  නොදක්වයි. ඒ වෙනුවට ඔහු යථාභූත නොවන මායාකාරී ලෝකයක අත්දැකීම් ලබයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ පවසන්නේ මෙම දරුවන් ස්වකීය කල වයසට කළ යුතු ජීවන පියවර වලට ලඟා වීමේ දුර්වලතාවයකින් පෙළෙන බවයි. හොඳම දේ දරුවන්ට කියා කියමනක් තිබෙනවා. එහෙත් smart phone දරුවන්ට ලබාදීම කිසිවිටෙකත් නොකළ යුතු දෙයකි.

අප තොරතුරු අවශ්‍යතාව ඉටු කර ගැනීමට භාවිත කරන smart phone එකෙන් හොද දේ මෙන්ම මෙවැනි අහිතකර බලපෑමක් අපේ ජීවිතයට සිදුවන බව ඔබ මොහොතක් සිතුවාද? වර්තමාන පරපුර මෙන්ම මතු බිහිවන පරපුරේ පැවැත්ම සදහා smart phone නිවැරදිව භාවිතා කිරීමේ දැනුවත්භාවය ඉතා වැදගත් බව අවධාරණය කරමි.


No comments:

Post a Comment

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...