Like to Travle

Friday, July 20, 2018

අක්කාගේ ආදරය








යොවුන් සිතුවිලි මැද
අතර මං වී සිටින
කටකාරකම් දොඩන
හැඩකාරයෙකි නිතර


නිරතුරුව පුද ලබන අම්මාගෙ ආදරය
සැම විටම නොලැබෙන තාත්තගේ අවසරය
අක්කලා දෙන්නාගේ අඩු නොවන හුරතලය
මේ සැවොම රජ කරන ඔහු එකම කොල්ලාය

තිදෙනාම එකතු වූ විට
රණ්ඩු සරුවල් නම් එමට
ඒ සෑම තැනකදිම
ඔහු ගන්නෙ පෙරමුණය

දගකාරකම් එමට
තිබුණාට නිරතුරුව
පුංචි දේකදි වුවද
ඔහු හඩයි මට වැඩිය

නිතර ඔවදන් දෙමින්
ඔහුට ඇණයක් වෙමින්
සිටින්නේ පසුපසින්
ඔහු නොමග යාවි යැයි බියෙන්

ආදරෙයි පණ තරම්
මල්ලියේ නුඹට මං
සදා නුඹෙ ජය පතන
නුඹේ ලොකු අක්කා මං

4 comments:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...