Like to Travle

Wednesday, July 18, 2018

සිත ඇදි රුව




ජීවිතයේ කිසි දිනෙක
නැතිව බැරි රුවක් ඇත
මතක් වන හැම විටම
දිව යන්න හිතයි මට
හිත ඇදුනු රුව වෙතට
දෙපාරක් නොසිතාම


දුරක සිටියත් කවර
නොදැක බෑ මට ඉන්න
තිබෙන මුත් වැඩ බෝම
ඉන්න බෑ මට මෙහෙම


ආදරෙයි පණ තරම්
සම කරනු බැරි තරම්
සිත නිවන ඇති තරම්
අහිංසක රුව  තරම්
රුවක් නෑ මට ඒ තරම්

හිදින්නට සිදු වුනොත්
නැතිව ඒ ආදරය
අදහ ගන්නට බැරිය
කුමක් කරමිද එවිට

දහසකුත් පැතුම් පොදි
හිස දරා දිවි ගෙවන
මා නමින් දුක විදින
රුව මගේ අම්මාය


_සනෝජා වනමලී_

No comments:

Post a Comment

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...